Monday, January 23, 2017

බේස් වාදනය



හොඳයි  යාළුවනේ... කිවිව  විදියටම  මම  ඔයාලට  මෙ පාඩම්  පටන්  ගන්නයි යන්නෙ...   ඉස්සලම  මම ගැන මම කියන්නම්         මොකද  සමහරු  හිතයි මම  සියල්ල දත් වගේ  කියල දෙන්න  හදන්නෙ   මෙයා  කව්ද  කියල..  දෙයක් කියල දෙන්න නම්  එයා  ලොකු   කෙනෙක් වෙන්න ඕනිම නැ. මොකද  එයා  ලොකු වුනත් පොඩි වුනත්  දන්න දේ  හදවතින්  කියල දෙන් නැත්නම්  වැඩක් නැනෙ . එහෙම  නේද.

  ලංකාවේ  අරය වැඩ්ඩ මෙයා තමා දක්ෂයා කිවිවට බහුතරයක්  තමන් දන්න දේ කියල දෙන් නැ.   බොරුනම් බලන්න  කියෙන් කි දෙනාද  you tube  එකට  lesson එකක් දාන්නෙ.  පිටරටවල  lessons දානව මාර විදියට...මම කියන්නෙ ඔය සුපිරි මට්ටමේ අය ගැන  හරි.  ලංකාවේ සමහර  අය ඉන්නව  ඕන දෙයක් ඇහුවොත් කියල දෙන   මම එයාල ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් මම  අහල  බලල.  ගොඩක් හිතල ගොඩක් කැප වෙලා   තමා බේස් ගිටාර් එක ඉගෙන ගත්තෙ  මට  වඩා  talnt  අය   ඕන තරම් ඉන්නවා .


ඉතින්  මම  මහන්සියෙන්  ඉගෙන ගත්ත දේ  ඔයාලට  කියල දෙනව , යම් කෙනෙක්  මට  වඩා ඉදිරියට යනව නම්  එයා තමයි මාව වැඩිපුරම සතුටට පත් කරන්නේ .

ඉතින්   මම  ආසම   instrument   එක  බේස්  ගිටාර්  එක.  මේක  කියවන  ඔයත්  අද  ඉඳල  මේ   ගොඩක්  වටින   instrument  එකට ආදරේ කරන්න  පටන්   ගනියි.. . අපි  හැමෝම  දන්නව  බේස්  එක නැතුව අපිට  සින්දුවක්  අහන්න බැ..   අහන්න  පුළුවන්  කියල  හිතන අය ඉන්නවනම්   ඔය  sub  එකක හරි .  Head set  එකෙන්  හරි  bass  අඩුම කරල බැලුවට කමක් නැ.😂 

  අද වන විට බේස් එක  ගොඩාක්  දියුනුම  තත්වෙකට ඇවිල්ලා. තාක්ෂනය අතින්  . එ වගේම  වාදන ක්‍රම අතින්.    ගොඩාක්  දියුනුයි.  මම හිතන විදියට    විදේශීය    වාදකයෝ    instrument   එකට තියන ආදරෙ  සහ කැපකිරිම  නිසා සහ    අලුත් අලුත් දේවල්  හොයාගන්න බලන නිසා කාලයත් එක්ක තමා එක සිදු වෙලා තියෙන්නෙ.  ....

  අපි  මතෘකා කිහිපයක්  යටතේ  කතා කරමු.. ...  මම ඉල්ලා  සිටිනව මුල ඉදල  ඉවසිමෙන් කියවන්න සහ ඔයාල  දන්න   දේවල්   commnt එකක් දාල එකතු කරන්න කියලා.

1.  බේස් ගිටාරයේ  විකාශනය (  expansion of the bass guiter)

2.  බේස් ගිටාරයක කොටස් parts of the electric bass)

3 බේස්  ගිටාර් වර්ග.

මෙ ආකාරයට පියවරෙන් පියවරට යං ,  ඔය ටික අපි ඉස්සෙල්ලම කතා කරලා ඉවරවෙලා ,  ඉක්මනින්  වාදනය ගැන කතා කරමු .... ...

No comments:

Post a Comment